දොස්තර අර්ච්චුනා යලිත් කරළියේ ...මේ පාරත් හැසිරීම සම්බන්ද ප්‍රශ්නයක්..(VIDEO)

Report

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න අය මොනවා අමතක් වුනත් කුඩේ නම් අද අමතක කර ගන්න එපා..

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න අය මොනවා අමතක් වුනත් කුඩේ නම් අද අමතක කර ගන්න එපා..

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බව යාපනය පොලීසිය සඳහන් කළේය.

මීට පෙර ද රාමනාදන් අර්ච්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබූ බව වාර්තා වේ.

අනේ අම්මපා මෙහෙමත් මගඩියක්..අහිංසක මිනිස්සුන්ටනේ මේ වංචාව..

අනේ අම්මපා මෙහෙමත් මගඩියක්..අහිංසක මිනිස්සුන්ටනේ මේ වංචාව..

අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබූ බව සඳහන්ය.

මන්නාරම රෝහල තුළ ගර්භණී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයට අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා මන්නාරම රෝහල වෙත ඇතුළු වී බාධා කළ බව වාර්තා වේ.


You may like this video