කතානායක ආචාර්ය උපාධි ප්‍රශ්නය වෙනම අතකට .. (VIDEO)

Report

 කතානායක අසෝක සපුමල් මහතා කිසිම දිනෙක ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හෝ ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හෙළි ව තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයෙන් ලිපියක් මගින් අදාළ කාරණය දන්වා ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ රටේ සිටින ඉහළතම සහ උත්තරීතර ම තෙවැනි ධුරය වන කතානායක අසුනට මෙලෙස ව්‍යාජ තොරතුරු ලබා දී පාර්ලිමේන්තුව නොමග යවා තිබීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

අලුත් අවුරුද්දක් පටන් ගන්න ලං වෙන කොටම බලන්නකෝ කොටස් වෙළද පොළත් ඉහල ගිහින් ..

අලුත් අවුරුද්දක් පටන් ගන්න ලං වෙන කොටම බලන්නකෝ කොටස් වෙළද පොළත් ඉහල ගිහින් ..

කතානායක අසෝක රන්වල මහතාට හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ අභියෝගයක් ද එල්ල කර තිබෙනවා. තමන්ට ආචාර්‍යය උපාධියක් වසේඩා විශ්වවිද්‍යාලයේ ඇත්නම්; වහාම ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන ලෙසටයි ඇය අභියෝග කර ඇත්තේ. නැත්නම් වහාම කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇය මෙන් ම විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

10 වැනි පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වශයෙන් දිවුරුම් දුන් අසෝක රන්වල මහතා ලබාදුන් තොරතුරුවල අඩංගු වූයේ ඔහුට ආචාර්‍යය උපාධියක් ඇති බවත්; එය ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් බවයි.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා තැබූ ෆේස්බුක් සටහනකින් විමසා සිටියේ අසෝක රන්වල මහතා හට ආචාර්‍යය උපාධියක් ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ක්‍රිකට් ලෝලීන් සැවොම බලා සිටිය දවස අදයි.. 'ලංකා ටී10' අදින් ඇරැඹේ..

ක්‍රිකට් ලෝලීන් සැවොම බලා සිටිය දවස අදයි.. 'ලංකා ටී10' අදින් ඇරැඹේ..

එම ෆේස්බුක් සටහනෙන් පසුව මෙම ආචාර්‍යය උපාධි ගැටලු සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

නමුත් කතානායක රන්වල මහතා නම් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තමන්ට සහ ආණ්ඩුවට නගන චෝදනාවලට පිළිතුරු දීමට යාම දැන්ම සිදු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඇතුළත් නිල වෙබ් අඩවියෙන් අසෝක රන්වල මහතාගේ ආචාර්ය යන තනතුරු නාමය මේ වනවිට ඉවත් කර ඇති අයුරු ද දක්නට ලැබෙනවා.