හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ ‘ආචාර්ය’ තනතුරක් පවතින බවට රටේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව මෙන් ම සිවිල් සමාජය ද මුලා කළ වරදට එරෙහිව විපක්ෂය එක් වී කතානායක අශෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (11) පැවති මාධ්‍ය හමුවක දී ය.

නොඉවසිල්ලෙන් ගන්න බලන් ඉන්න, රජයෙන් දෙන දීමනාව හෙට බැංකු ගිණුම්වලට.. ගන්න පුලුවන් මෙන්න මෙහෙම.. (PHOTO)

නොඉවසිල්ලෙන් ගන්න බලන් ඉන්න, රජයෙන් දෙන දීමනාව හෙට බැංකු ගිණුම්වලට.. ගන්න පුලුවන් මෙන්න මෙහෙම.. (PHOTO)

උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය ආයෙත්?. එතකොට.. දෙසැම්බර් 16 කරන්න යන දෙය මෙන්න..

උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය ආයෙත්?. එතකොට.. දෙසැම්බර් 16 කරන්න යන දෙය මෙන්න..

හෙට (12) දිනයේ දී විපක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී මෙම කාරණය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට විරුද්ධව ගෙන එන්නේ නම් සෙසු පක්ෂ සමග ද සාකච්ඡා ආරම්භ කරන බව අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ ය.

කතානායකවරයා වීමට පෙර අශෝක රන්වල මහතා විසින් මැතිවරණ ක්‍රියාවලියේ දී එනම් ඡන්ද ප්‍රචාරණ කටයුතුවල දී මෙන් ම ඔහු පැවැත්වූ විවිධ දේශනවල දී ද තමන්ගේ නම ඉදිරියෙන් ‘ආචාර්‍යය’ යනුවෙන් යොදා ගැනීමත් ඊටත් වඩා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කරනු ලැබූ අවස්ථාවේ දී පවා ආමන්ත්‍රණය කර සිටියේ ආචාර්ය අශෝක රන්වල යනුවෙන් බවත් කිනම් හෝ අවස්ථාවක ඔහු හට ආචාර්ය උපාධියක් හිමි නොවන බව නිල වශයෙන් සනාථ වුවහොත් ඔහු සිදු කර ඇත්තේ රටක් නොමඟ යැවීමක් බවත් සජබ මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

කතානායකවරයා මෙම සිදුව සම්බන්ධයෙන් මෙතෙක් නිහඬව සිටිමින් මුනිවත රැකීම ද දැඩි ප්‍රශ්නයක් බවත් ඔහු හට ආචාර්ය උපාධියක් ඇත්නම් නොසඟවා එය සමාජගත කර මෙම ප්‍රශ්න විසඳීමට සහාය දක්වන ලෙසටත් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අශෝක රන්වල යනු වසේඩා විශ්වවිද්‍යාලයේ හෝ මොරටුව සරසවියේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් නොව ආධුනිකත්ව මණ්ඩලයෙන් ආ කාර්මික නිලධාරියෙක් බව ය.

එමෙන්ම, ඔහු තමන් තෙල් සංස්ථාව පාලනය කරන සමයේ සිට හඳුනන පුද්ගලයෙකු බව පාඨලී චම්පික මහතා කියා සිටියේ ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

.