සේවයේ යෙදී සිටි පාසල් ගුරවරුන් 14 රජරටින් පන්නයි.

Sri Lankan Schools School Children Teachers
By Wayomi Dec 16, 2024 09:55 AM GMT
Wayomi

Wayomi

Report

ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරුවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසනවා.

මෙලෙස සේවය අවසන් කර ඇත්තේ, පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සඳහා විටින් විට බදවාගත් උපාධිදාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනෙක්.

එම ගුරුවරුන් වසර 8ත්, වසර 25ත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කොට කර තිබෙනවා. '

එමෙන්ම මොවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ,අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරු වු බවද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කරනවා.

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛණ පරික්ෂා කිරිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත්කොට තිබුණි.

එමෙන්ම සමහර උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදෑරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බවත් කමිටු වාර්තාවේ සඳහන් වී ඇත.

ඉන්ධන මිල අඩු කරලා අනෙක් සමාගම්වලට රජයෙන් අලාභ ගෙවන්න ගිවිසුමක්.

ඉන්ධන මිල අඩු කරලා අනෙක් සමාගම්වලට රජයෙන් අලාභ ගෙවන්න ගිවිසුමක්.


You May Like This Video 


ReeCha