එළවා දැමු නායක ස්වාමීන් වහන්සේ අයේ වැඩම කිරීම නිසා ගම දෙකට බෙදී ගුටි කෙළියක... දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නැවත එලවයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sexual harassment Child Abuse
By Piyumika Dec 12, 2024 04:10 PM GMT
Piyumika

Piyumika

Report

අපචාර ක්‍රියාවටකට සම්බන්ධ බව පවසා විහාරස්ථානයෙන් එළවා දැමු නායක ස්වාමීන් වහන්සේ නැවත විහාරස්ථානයට වැඩම කිරීම නිසා ගම්වාසීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධනනයට මැදිහත් වීමට සිදු විය.

එප්පාවල කටියාව යාය 09 ගාමිණී විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි කටියාවේ රතනසාර නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය තුළ අපචාර ක්‍රියාකාරකම් සිදු කරන බව පවසා පසුගිය ඔක්තොම්බර් මස 20 වන දින උන්වහන්සේ ගම්වාසීන් විසින් විහාරස්ථානයෙන්එළවා දැමීමට කටයුතු කර තිබිණි.

ඔයාගේ අලෙවි සැලෙත් මෙන්න මේවා තියනවද..එහෙනම් පරිස්සමින්..

ඔයාගේ අලෙවි සැලෙත් මෙන්න මේවා තියනවද..එහෙනම් පරිස්සමින්..

එම ස්වාමීන් වහන්සේ නැවත වතාවක් අද (12) දින ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ විහාරස්ථානයට වැඩම කිරීම හේතුවෙන් විහාරස්ථානය තුළ දායක සභාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක මහමාන්කඩවල පියරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා සමඟ අද (12) උදෑසන 10 ට පමණ කටියාව යාය 09 ගාමිණී විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි කටියාවේ රතනසාර නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කළ අතර, ගම්වාසීන් පිරිසක් විහාරස්ථානය තුළට ගොස් රතනපාල ස්වාමීන් වහන්සේ නැවත විහාරස්ථානයට වැඩම කිරීමට විරෝධය පළ කරනු ලැබීය.

විහාරස්ථානයෙන් පිටත සිට පිරිසක් එම ස්වාමීන් වහන්සේට විහාරස්ථානයට වැඩම කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේදී තඹුත්තේගම කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න කුමාර මහතා ඇතුළු එප්පාවල, ගල්නෑව, ප්‍රිකරගම පොලිස් ස්ථාන නිළධාරීන් මැදිහත්වී නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දෙපාර්ශවයම විහාරස්ථානයේ බණ මඩුවේදී සාකච්ජාවක් සිදු කරන ලෙසට ආරාධනා කරනු ලැබීය.

ඒ අනුව පළමුව ආගමිකවතාවත් වල නිරත වී මෙම සාකච්ජාව ආරම්භ කෙරුණු අතර, එහිදී පළමුව අදහස් දැක් වූ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, මහමාන්කඩවල පියරතන හිමියන් කියා සිටියේ මෙම විහාරස්ථානයේ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් තමන් වහන්සේට ලිඛිතව දැනුම් දී ඇත්තේ තමන් වහන්සේට පළාතේ නායක ස්වාමීන් වහන්සේලා සමග අදාළ පාර්ශවයන් සමඟ පවතින නෛතික තත්වය මෙන්ම,ගම හා විහාරස්ථනය අතර ඇති වී තිබෙන ආරවුල විසඳිමට කටයුතු කරන ලෙසත්, නැවත නායක ස්වාමීන් වහන්සේට විහාරස්ථානයේ කටයුතු කිරීමට අවස්ථාව සලසන ලෙසයි.

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

මේ ලියවිල්ල අනුව කටයුතු කරන්න වෙනවා, උන්වහන්සේගේ අඩුපාඩු තියෙනවා නම් අපි සාකච්ජා කරලා හදාගෙන ඉදිරි වැඩ කරමු යැයි උන්වහන්සේ පැවසීය. ඊට ගම්වාසීන් පිරිසක් විරෝධය පළ කරනු ලැබීය.අනතුරුව ගම්වාසීන්ද දෙපාර්ශවයෙන්ම අදහස් දැක්වීය.එහිදී ඇතැම් පිරිස් හූ හඩ නගමින් විරෝධතා දැක්වීය.

අනතුරුව ගම්වාසීන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.ඇතැමුන් බණ මඩුවේ බංකු හා පුටු වලින් පහරදීමටද කටයුතු කරනු ලැබීය මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිළධාරීන්ට හා කැරලි මර්ධන නිළධාරීන්ට මැදිහත් වීමට සිදු වයි.

අවසානයේ දී විහාරස්ථානය තුළ වැඩ වාසය කළ සිදුවීමට අදාළ හිමිනමට එයින් පිටව යන ලෙස ගම්වාසීන් පිරිසක් කියා සිටි අතර, සාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති එප්පාවල කෝරලේ ප්‍රධාන සංඝනායක , දකුණු නුවරගම් පළාත් ප්‍රධාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේ වන එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාමාන්කඩවල පියරතන නායක ස්වාමීන් වහන්සේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීත්‍යාණූකූලව කටයුතු කරන බවයි.

අනතුරුව උන්වහන්සේලා ඇතුළු වැඩම ස්වාමීන් වහන්සේලා පිරිස මෙන්ම එම විහාරස්ථානයෙ විහාරාධිපති හිමියන්ද දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ විහාරස්ථානයෙන් ඉවතට වැඩම කරවීමට කටයුතු කරන ලදී. අනතුරුව ගම්වාසීන් පිරිස විසිර ගියහ.

ReeCha