විපක්ෂ නායකගේ පුටුවෙන් ඉඳගත්ත මන්ත්‍රී අර්චුනා.. ආයෙත් කරළියට.. මෙදා සැරේ කරලා තියෙන දෙය මෙන්න..(VIDEO)

Report

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කොට රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු යාපනය ශික්ෂණ රෝහලේ ආරක්ෂයෙකු සමග කරන බැණ වැදීමක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

රු.40,000ක් දක්වා.. ඛාණ්ඩ 3ක් යටතේ දරුවන්ට.. ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමක්.. මෙන්න මේ දවසෙන් අවසන්..

රු.40,000ක් දක්වා.. ඛාණ්ඩ 3ක් යටතේ දරුවන්ට.. ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමක්.. මෙන්න මේ දවසෙන් අවසන්..

මේ අතර, යාපනයේ ශික්ෂණ රෝහලට කඩාවැදී රෝහලේ වෛද්‍යවරුන්ට ඇතුළු කාර්ය මණ්ඩලයට බැණ වැදී පහරදීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව යාපනය පොලිසියට 9 දා පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ල යොමු කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා විසින් ය. 

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බව යාපනය පොලිසිය සඳහන් කළේ ය.

මෙම මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු වන අතර ඔහු චාවකච්චේරිය රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව පැමිණිලි කීපයක්ම දමා තිබෙනවා.

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග ලැබිණ.

එම සිද්ධියෙන් පසුව මන්නාරම රෝහලට ද රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් කඩාවැදී රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට පහර දීමට උත්සහ කොට තිබෙනවා.

එයට එරෙහිව ද පැමිණිලි කීපයක් යොමුවීම මත ඔහුට මන්නාරම අධිකරණයේ නඩු පැවරිණ.

පාර්ලිමේන්තුවට තේරී පත්වී එහි ගිය මුල්ම දිනයේ විපක්ෂ නායකවරයාට වෙන්වූ ආසනයේ බලහත්කාරයෙන් වාඩිවී එහිදී ද මේ මන්ත්‍රීවරයා විශාල කලබැගෑනියක් ඇති කරගෙන තිබෙනවා.

ඉන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතීව ප්‍රකාශයක් කිරීම නිසා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙවර යාපනය ශික්ෂණ රෝහලට ඔහු කඩා පැන ඇත්තේ මන්ත්‍රී බලතල පෙන්වා රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ද තර්ජනය කරමින් ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

.