බැසිල් මහම කෑල්ල ඉල්ලයි..රනිල් පොඩි කෑල්ලක් දෙන්න එකඟ වෙයි..දෙන්නගෙ රහස් සාකච්ඡාවක් එළියට.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර ඉකුත් 25 වැනිදා පැවති සාකච්ඡාවේ තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත හෙළි වී තිබෙනවා.

එම තොරතුරු අතර ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)


මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 30%ක් ද, පළාත් සභා සදහා සියයට 35% ක් හා පාර්ලිමේන්තුව සදහා සියයට 40% ක්, බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 90% ක් ද, පාර්ලිමේන්තුව සදහා සියයට 70%ක්, සහ පළාත් සභා සදහා සියයට 70%ක් ඉල්ලා ඇතැයි පැවසේ.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇති අතර, නැවත හෙට ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්න..

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්න..


ඉන් අනතුරුව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.