රුමේෂ් තරංගට දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම සම්මානය
ඉන්දියාවේ රාංචි හි පැවතුන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (26) දින පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත්ව තිබුණා.
රුමේෂ් තරංග මෙම ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින් බව සඳහන්.