රාජිතගේ නඩුවට මහ අධිකරණයෙන් දුන් නියෝගය

By Sewvandhi Jul 13, 2023 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ මහාධිකරණය විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව අද නිවේදනය කළේය.

2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුනි.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.  

ReeCha