රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කරයි

Report

 රජාංගනය ජලාශය වාන් දොරටු 14 ම මේ වන විට විවෘත කර ඇත.

එයින් වාන් දොරටු 12 ක් අඩි 6 බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4 බැගින්ද විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.

මෙයින් තත්පරේට ගණ අඩි 18548ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරේ. තවද අංගම ජලාශයද මේ වන විට වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බව වාර්තා වේ.

එයින් තත්පරේට ගණ අඩි 3286ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව සදහන්ය.

ඒවගේම දැනට මෙරට පවතින අධික වර්ෂාව හේතුකොටගෙන වාන් දොරටු නැවතත් වැඩි කිරීමට සිදුවීමට ඉඩ ඇති බව රාජාංගනය ජලාශය භාර වාරි ඉංජිනේරු මහතා ප්‍රකාශ කර ඇත .

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ