ශ්‍රී ලංකාවට අවසන් තරගය සඳහා අවසන් අවස්ථාව අද
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (27 වැනිදා) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව ඇත.
තවද මේ වන විට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තමන් තරග වැදුණු ජාත්‍යන්තර තරග 699 බැගින් පරාජයට පත්ව ඇති අතර අද දිනයේ තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම එම කඩයිමට පැමිණෙන 4වැනි කණ්ඩායම බවට පත් වීමට නියමිතය.
පාකිස්තානය මේ වන විට තමන් තරග වැදුණු තරග තුනම ජයගනිමින් අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියදී සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව එක් තරගය බැගින් ජයගනිමින් පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට පත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ අවසන් තරගයට තේරීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජය ගතයුතු අතර එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටින සිම්බාබ්වේ එයට සුදුසු වෙයි.