අනේ අම්මෙ මං එන­කොට කොහෙ­වත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද අහපු පුංචි දෝණි ආයේ නොඑන්නම ගිහින් - බිහිසුණු අනතුරක්

Report

අමායා දිව්‍යාං­ගනී නම් වයස අවුරුදු 4ක් වූ දැරිවියක් අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වේ.

ඒ ගමන් ගත් ත්‍රීරෝද රියෙන් එළියට හිස දමාගෙන ගමන් කිරීම හේතුවෙන් ඉදි­රි­යට පැමිණි ටිපර් රථ‍යේ පිටු­පස රෝදය අසල ඇයගේ හිස ගැටීමෙන්.

409/A, බට­හිර පර­ග­ස්තොට, පර­ග­ස්තොට ලිපි­නයේ පදිංචි පෞද්ග­ලික ආය­ත­න­වල රැකි­යාව කරන 27 හැවි­රිදි උදේ­ශිකා සෙව්වන්දි සහ 30 හැවි­රිදි ඩිලාන් ප්‍රසන්න යුව­ළට සිටි එකම දරුවා වන්නේ අමායා දිව්‍යාං­ගනී දිය­ණි­ය මවු­පිය ආද­රය මැද හැදී වැඩුණේ අස­ල්වැසි නෑදෑ­යන්ගේ ද සැල­කිලි නොඅ­ඩුව ලබ­මින්.

පර­ග­ස්තොට, මිල්ල­නිය අවට දරු­වන් අට දෙනකු දින­පතා ලබු­ගම ප්‍රදේ­ශයේ සිඟිති පෙර පාස­ලට රැගෙන යන අඳාළ ත්‍රිරෝද රථ­යට එදින (25) පෙර පාසල අව­සන් වීමෙන් පසුව පුංචි අමායාද ගොඩව ඇත්තේ නිවෙ­සට යන විට රැකි­යා­වට යෑමට සූදා­නම් වෙමින් සිටින මව දැක­ගැ­නීමේ බලාපොරොත්තුවෙන්.

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

එහෙත් ත්‍රිරෝද රථ­යට ගමන් කළ හැකි වූයේ කිලෝ­මී­ටර් හත­රක් පමණි. ත්‍රිරෝද රථය මිල්ල­නිය ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නය පසු කර තර­මක් ඉදි­රි­යට ගමන් කර­මින් තිබුණි.

ඒ මිල්ල­නිය, රන්මි­ණික ප්‍රදේ­ශ­යයි. අමායා ත්‍රිරෝද රථයේ දකුණු පස කෙළ­ව­රට වෙන්න­ට සිට ඇති අතර ඇය මොහො­ත­කට තම හිස ත්‍රිරෝද රථ­යෙන් පිට­තට යොමු කර­ ඇත.

ඒ සමඟම ඉදි­රි­යට පැමිණි ටිපර් රථය ත්‍රිරෝද රථය පසු­කර යන විට එහි පිටු­පස රෝදය අසල ඇයගේ හිස ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරෙන් පුංචි අමා­යාගේ හිසට බර­ප­තළ තුවාල සිදු වූ අතර ඇය හල්තොට රෝහ­ල­ටත්, පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහ­ල­ටත් රැගෙන යෑමට කට­යුතු කළද ඇගේ ජීවි­තය බේරා ගැනී­මට නොහැකි විය. පුංචි අමායාගේ මවගේ අඳෝනාව මේ වන සියලු දෙනාම කම්පාවට පත් කර ඇත.

"අනේ ඊයේ රෑත් මං කකුලෙ තියා­ගෙන හොල­වලා නේද නිදි කළේ. ඔය ටික දුර මට මගේ දරුවා පරි­ස්සම් කරලා ගෙද­රට ගෙනත් දෙන්න බැරි වුණේ ඇයි දෙයි­යනේ. ඉස්කෝලේ නිවා­ඩු­වට අපි කොහේ­හරි ඇවි­දින්න යමු කිය­ලත් කිව්වා. ගෙදර ඉන්න­කොට හැම තිස්සේම මගේ පස්සෙ­න්මයි හිටියේ. අනේ මගේ පණ නැතුව මං කොහො­මද ඉව­සා­ගෙන ඉන්න ද දෙයි­යනේ”

ඉදිරි පැය 48 ඇතුළත ලොකු අවදානමක් - විමසිල්ලෙන් ඉන්න

ඉදිරි පැය 48 ඇතුළත ලොකු අවදානමක් - විමසිල්ලෙන් ඉන්න

මේ අතර පුංචි අමායා සිදුවීම වූ දින පෙර පාසල් යෑමට පෙර තමාට එදින යාමට බැරි බවට පැවසූ වේදනාබර කතාවක්ද වාර්තා වේ.

"අනේ අම්මෙ මං ගෙදර එන­කොට කොහෙ­වත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද? මට ඔයා නැතුව කවුරු හිටි­යත් වැඩක් නෑනෙ. ඔයත් එක්ක මං ඉස්කෝලෙ නොගි­හින් ගෙද­රම ඉන්නද? අනේ මට බෑ අම්මෙ ඉස්කෝලේ යන්න."         

මුළු දිවයිනටම රතු නිවේදනයක් - දරුණු තත්ත්වයක්

මුළු දිවයිනටම රතු නිවේදනයක් - දරුණු තත්ත්වයක්