උඩරට දුම්රිය ධාවනයට බාධා
By Mithu
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා වටගොඩ අතර පස් කඳු කඩා වැටී ඇති බව වාර්තා වී ඇත.
ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය මේ වන විට කොළඹ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බව සඳහන් කරයි.
එමෙන්ම, අද (27) ධාවනය වීමට නියමිත බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියද කොළඹ සිට නාවලපිටිය දක්වා පමණක් සීමා කිරීමට සිදු වී තිබේ.