වහාම ක්‍රියාත්මක වන පරිදි රාජා කොල්ලුරේ ප්‍රධාන තනතුරකින් ඉවතට..

Sri Lanka Political Wayaba provincial Raja kollure
By Aruna Oct 24, 2021 09:10 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ පක්ෂ මූලස්ථානයේදී අද එහි මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මධ්‍යම කාරක සභාවට ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් මෙලෙස රාජා කොල්ලුරේගේ පක්ෂ සභාපතිත්වය ඉවත් කෙරුණු බවයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ප්‍රකාශ කළේ, එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.