මෙරට බදු ගැන රජය කලකිරීමෙන්. - වෘත්තිකයින් ජනපති කාර්යාලයටත් කඩා වදියි. (VIDEO)
මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරනවා.
කොළඹදී පැවැති උත්සවයකදී ඔහු මේ බව කියා සිටි අතර ඔහු එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින් ,
"මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක්. බදු ආදායම බදු ප්‍රතිශත ඉහළ නැංවීම මගින් පමණක් ඉහළ නැංවිය හැකිවන්නේ නැහැ. බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය ගැන රජයක් වශයෙන් අපට සතුටු වෙන්න බැහැ. මේ නිසා බදු පරිපාලනය ශක්තිමත් කරලීමට අප පියවර ගන්නවා."
මේ අතර ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව මහතා ද මෙලෙස අදහස් දක්වා තිබුණා.
"මගේ අදහස නම් බදුකරණය දැන් ඉහළ මට්ටමක පවතින්නේ. අපට වැට් බද්ද 15%කට වඩා වැඩිකරන්න බැහැ. ආදායම් බදු 36%ට වඩා වැඩි කරන්නත් බැහැ. ආයතනික බදු 30%ට වඩා වැඩි කරන්නත් බැහැ. සියලුම ක්ෂේත්‍රයන්වල උපරිම බදු මට්ටම් අප දැන් ක්‍රියාත්මක කරනවා. ඔබ බදු අනුපාත ඉහළ නංවන තරමට, ප්‍රතිලාභ ලැබීම් මෙන්ම ආදායම්ද පහත වැටෙනවා."
"එහිදී ආර්ථිකය ආපස්සට යනවා. අනුපාතයේ ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ වියදම් ඉහළ මට්ටමක පැවතීමයි. ලබන වසරේ මැතිවරණ වසරක් බැවින් මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, ඔබ ඇවිත් පොහොර නොමිලේ දෙන බවට, සමෘද්ධි දීමනාව රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වා ඉහළ නංවන බවට හෝ ඉන්ධන ලීටරයක් රුපියල් 200කට දෙන බවට පොරොන්දු ලබා නොදෙන ලෙස. ඔබ එසේ කළොත් අප යන්නේ ආපසු සිටි තැනටමයි."
කෙසේ වෙත්ත අද (17) දහවල් ජය අනුගමනය කරන බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති ලේකම් කාර්යලය අසල උද්ඝෝෂණයක ද නිරත වුණා.
