22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්
සමස්තයක් වශයෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 22 වැනිදා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් සඳහන් කර ඇත. එසේ වුවත් තද වැසි එතරම් අපේක්ෂා නොකරන බවද,වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
රට හරහා මේ වනවිට ඊසාන දිග මෝසම ස්ථාපිතව පවතින බවද ඔහු කියා සිටියා.
ඉකුත් දිනවල පැවැති වැසි තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ දිවයින හරහා පැවැති නැගෙනහිර දෙසින් හමන තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම බවද අධ්‍යක්ෂවරයා කියා තිබෙනවා.
එමෙන්ම මේ වනවිට සුළං රටාවේ තරමක වෙනස්වීමක් නිරීක්ෂණය වන බවද, මේ හේතුවෙන් පැවැති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වීමට හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.
එසේම ඉදිරි දින කීපයේදීත් නැගෙනහිර පළාතේත්,මධ්‍යම සහ ඌව පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි පවතිනු ඇති බවද ඔහු පවසා ඇත.
කෙසේ වුවද වැසි තත්ත්වයේ තීව්‍රතාවයේ අඩුවීමක් ඉදිරි දින කීපය දක්වා අපේක්ෂා කළහැකි බවද අධ්‍යක්ෂවරයා පවසයි.
රටේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවද, උතුරු පළාතේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද ඔහු දැනුම් දෙයි.
මේ අතර රට හරහා ඊසාන දෙසින් හමන තද සුළං පවතින බවත්, පැයට කිලෝමීටර් 30-40 ක වේගයෙන් හමන මෙම සුළං විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලට බලාපොරොත්තු කළ හැකි බවද ඔහු සඳහන් කළා.