අද 2න් පස්සේ ප්‍රවේශමෙන් - කාලගුණයෙන් මේ පළාත්වලට අනතුරු ඇඟවීම්

Report

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන්.

අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන බැවින් අද මේ අයට ඉතාමත් සුබයි

අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන බැවින් අද මේ අයට ඉතාමත් සුබයි

එසේම අඳාළ නිවේදනයෙහි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

කෙසේ වුවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට පස්සේ රියදුරු බලපත්‍ර අලුත් කරන මූලික කාල සීමාවේ වෙනසක් - ඇමති බිමල්ගෙන් තීරණ 8ක්

මීට පස්සේ රියදුරු බලපත්‍ර අලුත් කරන මූලික කාල සීමාවේ වෙනසක් - ඇමති බිමල්ගෙන් තීරණ 8ක්

ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මේ විනාසෙට හේතුව හෙළි කරයි

ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මේ විනාසෙට හේතුව හෙළි කරයි