මේ වීසා කාණ්ඩය යටතේ මේ රටේ රැකියා කරන ඔයාට රැකියා අහිමි වෙයි - විශේෂ නීතියක්

Report

H-1B වීසා කාණ්ඩය යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ රැකියාවල නිරත විදේශීය සේවකයන්ගේ රැකියා අහිමි වන අවස්ථාවලදී, වෙනත් නව රැකියාවක් සොයා ගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60 ක සහන කාලය  සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මෙම යෝජනාව මේ වන විට ධවල මන්දිර කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ විශේෂ සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, යෝජිත මෙම වෙනස්කම් පිළිබඳ අවසන් තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.

බන්ධනාගාර ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් විශේෂ කැඳවීමක්

බන්ධනාගාර ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් විශේෂ කැඳවීමක්

මෙම නව යෝජනාව නීතියක් බවට පත්වුවහොත්, රැකියාව අහිමි වන විදේශීය සේවකයන්ට අමෙරිකාව තුළ රැඳී සිටිමින් වෙනත් සේවා යෝජකයෙකු වෙත මාරුවීමට හෝ වීසා කාණ්ඩය වෙනස් කිරීමට පැවැති අවස්ථාව අහිමි වී යනු ඇත.

ඒ අනුව ඔවුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපදයෙන් පිටවීමට සිදුවනු ඇත. මෙම තීරණය යම් හෙයකින් ක්‍රියාත්මක වුවහොත් එයින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ජාතිකයන්ටය.

බස්නාහිරින් අඩකටත් වඩා ඩෙංගු රෝගීන් - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප බවට

බස්නාහිරින් අඩකටත් වඩා ඩෙංගු රෝගීන් - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප බවට

අමෙරිකානු පුරවැසිභාවය සහ ආගමන සේවා ආයතනයේ  දත්තවලට අනුව 2024 වසරේදී අනුමත වූ සමස්ත H-1B වීසා අයදුම්පත්වලින් 71% ක්ම ඉන්දියානු ජාතිකයන් වේ.

එමෙන්ම අමෙරිකානු සංගණන දත්තවලට අනුව මේ වන විට ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින් මිලියන 5.2 කට වැඩි පිරිසක් අමෙරිකාවේ ජීවත් වෙති.

උසස් කුසලතා සහිත විදේශීය සේවකයන් ඉලක්ක කර ගනිමින් මෙම දින 60 සහන කාලය හඳුන්වා දෙන ලද්දේ 2017 වසරේදීය.

එම නීතිය යටතේ රැකියාව අහිමි වන සේවකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට දින 60 ක කාලයක් හෝ වීසා කාලය අවසන් වන තෙක් අමෙරිකාව තුළ රැඳී සිටිමින් වෙනත් සේවා යෝජකයෙකු සෙවීමට, නව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට හෝ නීත්‍යානුකූලව අමෙරිකාවේ රැඳී සිටීමට වෙනත් විකල්ප සලකා බැලීමට හිමිකම් ලැබී තිබිණි.