අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය ධාවනය නවතියි?
By Wayomi
අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන් ශක්තිමත් කිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ
මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යුනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති තිහකට අධික ප්‍රමාණයක් විරෝධතාවයන්ට සහාය දැක්වීමට නියමිතව සිටින බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න. |