දුම්රිය මග මැද ගිලා බසීමක් – පේරාදෙණිය සහ මහනුවර අතර ගමන් අඩාලයි [PHOTOS]

Report

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර කොටසක ගිලා බැසීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මහනුවර උසාවි සංකීර්ණයට ආසන්නව පිහිටි මෙම ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීමක් ඇති වී ඇති අතර, මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

අලිගේ උණුසුමෙන් පෙරහැර උණුසුම් වෙයි! - අලි දුවන හැටි බලන්න

අලිගේ උණුසුමෙන් පෙරහැර උණුසුම් වෙයි! - අලි දුවන හැටි බලන්න

මෙම ගිලා බැසීම හේතුවෙන් මහනුවර බලා ධාවනය වන දුම්රිය ගමන්වාර පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන බවත්, එහි ඉදිරියට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත්, බදුල්ල බලා ධාවනය වන දුම්රිය ගමන්වාර මෙම බාධාවකින් බලපෑමකට ලක් නොවූ බවත්, ඒවා සුපුරුදු පරිදි ධාවනය වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

දෙකයි පනහට වැටුණට දැන් තත්ත්වේ වෙනස්

දෙකයි පනහට වැටුණට දැන් තත්ත්වේ වෙනස්

දුම්රිය මාර්ගයේ ගිලා බැසීම නිවැරදි කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනමින් පියවර ගනිමින් සිටින අතර, මෙම තත්ත්වය හේතුවෙන් ගමන්කරුවන්ට ඇතිවන අපහසුතාවය අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවද වාර්තා වේ. ගමන්කරුවන්ට මෙම තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ආසන්නතම දුම්රිය ස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් දී ඇත.

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

 

GalleryGalleryGalleryGallery