ප්‍රේමයේ පරාජිත හැඟිම් නිසා රහල් බුලත්සිංහලට අවසානයේ වුණ දේ මෙන්න.(PHOTOS)

Gossip Rahal bulathsinhala Susila Nadagam kaarayo
By Aruna Oct 25, 2021 04:34 AM GMT
Aruna

Aruna

Report

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරන අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ඉතාම වටිනා ප්‍රවීන කලාකරුවෙක් තමයි රහල් බුලත්සිංහල කියන්නේ.

මේ දින වල ඔහුව මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා අපට දැක ගන්න ලැබෙනවා.

එම ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය මගින් ප්‍රේක්ෂකයන් අතර විශාල ගෞරවයකට වග ආදරයකට පාත්‍ර වී සිටින ඔහු එම චරිතය ගැන කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්.

“මම චරිතයට එන්න කලින් චිවරය දරන්න කලින් හදවතින්ම පේ වෙනවා.

නිර්මාංශ වෙලා වත්පිලිවෙත් කරලා තමා කතාවට වුනත් මම අනුගත වෙන්නේ. ඉතින් මේක මම ආසාවෙන් කරන චරිතයක්. මේ චරිතයට හොද ප්‍රතිචාර ලැබෙනවා.

මේ පේන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි.

මටම අභියෝගයක් වුන චරිතයක් නිසාම වෙන්න ඇති මට ඒ තරම් ඒ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුනේ.”

ඒවගේම රංගනයට මහණ වුනු රහල්ට ඇත්ත ජීවිතයෙදිත් මහණ වෙන්න අදහසක් ඇවිත් තියෙනවා.

ඒ ගැන ඔහු කියන්නෙ මේ වගේ කතාව. “ඇත්ත ජීවිතයේදි මට මහණ වෙන්න හිතිලා තියෙනවා.

ප්‍රේමයේ පරාජිත හැගිම ඉස්සරහ මමත් කාලයක් මහණ වෙන්න හිතුවා.

හැබැයි සුසිලාගේ ආදරේ එක්ක මගේ ඒ හැගිම වෙනස් වුනා.”කියලයි.

මේ වෙනකොට ප්‍රවීන කලාකරුවෙක් විදියට නමක් තියාගෙන ඉන්න ඔහු ක්ෂේත්‍රයට පිවිසීම ගැන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. “මගේ තාත්තා හමුදා නිළධාරියෙක්.

ඒ නිසාම මම හමුදාවට යන්න ආස කලා.

මම අවුරුදු විසි දෙකක බන්ධනාගාර නිළධාරියෙක් විදිහට රාජකාරි කරලා එයින් පස්සේ තමයි කලාවට එකතු වුනේ”. කියලයි.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha