උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක් - ගිනි තබා පලා ගිය බවට සැකයක්
By Ashfa
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, 106 ¾ සැතපුම් කණුව අසළ ඉලුක් රක්ෂිතයේ (26) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග දුම්රිය මාර්ගය අසළ තේ වතුවල පදිංචි පිරිස් එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අතර, එවැනි පුද්ගලයෙක් එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව සැක පල කරයි.
ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන අතර, පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් වී නැති බව වාර්තා වේ.