ලෝක කුසලානෙට දකුණු අප්‍රිකාවේ ගමන සුබ වෙයි - පහසු ජයක්

Report

බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර සුපිරි 8 වටයේ අද (26) දින දහවල් පැවති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ලැබූ මෙම සුපිරි ජයත් සමඟ අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් හිමිකරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ බ.ඉ. කොදෙව්වන්ගෙන් හිමිවූ ලකුණු 177ක ඉලක්කය ඔවුන් තරගයේ 17(16.1)වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර යාමට සමත් විය.

අසීරු තරගයක් මැද කොදෙව්න්ගෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්

අසීරු තරගයක් මැද කොදෙව්න්ගෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්

එසේම දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ නායක ඒඩියන් මාක්‍රම් හා ක්වින්ටන් ඩී කොක් පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් පැවැත් විය.

ඒ සඳහා ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දුවාර 8කට පමණක් වූ අතර එහිදී ඩි කොක් පන්දු 24කින් ලකුණු 47ක් රැස්කර සිටියදී දැවී ගියා.

එමෙන්ම දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ මාක්‍රම් නොදැවී ලකුණු 82ක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 46කට පමණක් මුහුණදුන් ඔහු හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් එල්ල කළා.

ඩි කොක් දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රයන් රිකිල්ටන්ද ප්‍රහාරාත්මක ලකුණු 45ක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ සඳහා ඔහු මුහුණදුන්නේද පන්දු 28කට පමණි.

අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

IPL කණ්ඩායම් ගන්න බිලියනපතියෝ පොරකයි

IPL කණ්ඩායම් ගන්න බිලියනපතියෝ පොරකයි