පොලිසියෙන් රටපුරා දැවැන්ත මෙහෙයුමක් - මෙන්න විස්තරේ

Report

පොලිසිය ඊයේ (25) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 575 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ඊයේ (25) දිනයේදී පුද්ගලයන් 29054 දෙනෙකු පරික්ෂාවට ලක්කර ඇත.

එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 14ක් වන අතර වරෙන්තුකරුවන් 297 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 177 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

බීමත් රියදුරන් 249 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 66 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4094 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

හදිසියේම බොරතෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

හදිසියේම බොරතෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ