ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු ඉන්දියාවෙන් - තරගය උණුසුම්

Report

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (26) දින පැවැත්වෙන ඉන්දු - සිම්බාබ්වේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 256ක් රැස් කර තිබෙනවා. ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී යාමත් සමඟයි.

ඒ අනුව අභිෂේක් ෂර්මා ලකුණු 55ක්ද, ඉෂාන් කිෂාන් ලකුණු 38ක්ද, තිලක් වර්මා නොදැවී ලකුණු 44 ක්ද රැස් කිරීමට සමත් විය.

එමෙන්ම පන්දු යැවීමේදී සිම්බාබ්වේ වෙනුවෙන්, රිචඩ් නගරාවා, ටිනෝටෙන්ඩා මාපෝසා, බ්ලෙසින් මුසරබානි, සිකන්දර් රාසා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්කම් දැක්වුවා.

ලෝක කුසලානෙට දකුණු අප්‍රිකාවේ ගමන සුබ වෙයි - පහසු ජයක්

ලෝක කුසලානෙට දකුණු අප්‍රිකාවේ ගමන සුබ වෙයි - පහසු ජයක්

ඒ අනුව මෙය විස්සයි20 තරග ඉතිහාසයේ කණ්ඩායමකට අඛණ්ඩව තරග 2කදී ලකුණු 250ට වැඩි ඉලක්කයක් හඹයෑමට සිදුවූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව අද රැස්කළ ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තවද එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

ඒ එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව අබිබවා යෑමට ඔවුන්ට ලකුණු 4ක් ප්‍රමාණවත් නොවීම නිසයි.

IPL කණ්ඩායම් ගන්න බිලියනපතියෝ පොරකයි

IPL කණ්ඩායම් ගන්න බිලියනපතියෝ පොරකයි

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?