දිනුවත් ඉන්දියාවේ බලාපොරොත්තු සුන් - බෙනට්ගේ සුපිරි ඉනිමෙන් සිම්බාබ්වේ අවසන් වෙනකල් ගහපු ගේම
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) දින රාත්‍රියේ පැවති තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 72ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාවට හැකි විය.
ඒ අනුව චෙන්නායිහිදී පැවති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 257ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේට පන්දුවාර 20 තුළදී කඩුලු කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 184ක් පමණයි.
එහිදී සිම්බාබ්වේ සඳහා අනර්ඝ ඉනිමක් ක්‍රීඩාකළ බ්‍රයන් බෙනට් පන්දු 59කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය.
එමෙන්ම ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වුණා. එම ඉනිම නිසා සිම්බාබ්වේ ලැබීමට තිබූ දැවැන්ත පරාජයේ බර අඩුවූ අතර, ඒ සමඟ ඉන්දියාවට බ.ඉ. කොදෙව්වන් අබිබවා 'Group 1' කොටසේ දෙවන ස්ථානයට පැමිණීමට තිබූ අවස්ථාවත් අහිමිව ගියා.
එබැවින් ලබන ඉරිදා (1) පැවැත්වෙන ඉන්දීය - බ.ඉ. කොදෙව් තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත් වේ.