මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් - බිඳුණු බලාපොරොත්තු මැද ලසිත් මාලිංග කළ සංවේදී ඉල්ලීම

Report

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයෙන් ඉදිරියට යෑමට නොහැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය දැක කනස්සල්ලට පත්ව සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

අඳාළ සටහනින් ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කර ඊළඟ ලෝක කුසලානය දිනන තෙක් වසර 18ක් බලාසිටියා මෙන් තවත් ලෝක කුසලානයක් දිනන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් රැඳී සිටින ලෙසයි.

මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ දසුන් කනස්සල්ලෙන්

මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ දසුන් කනස්සල්ලෙන්

අඳාළ සටහන පහතින්,

"1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති. ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18ක් ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් වුණා. ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා. ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩාවත් එක්ක ඉන්න ගොඩක් අය ඇති. ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉදියි. අතහරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි"   

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ