ට්‍රැක්ටර් රථයකට යටවුණු දරුවාට අත්වුණ අවාසනාවන්ත ඉරණම

Report

ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් 15 හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ.

  ගල්ගමුව පොලිස් වසමේ 39 කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ඊයේ (26) උදෑසන මෙම දරුවා ට්‍රැක්ටර් රථයක රියදුරු අසුන අසල ඇති කොටසට නැගීමට යාමේදී ඇදවැටී තිබේ.

  එහිදී එම ට්‍රැක්ටර් රථයේ රෝදයට දරුවා යටවී ඇති අතර තුවාල ලැබූ දරුවා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ දරුවෙකු බව පොලිසිය සඳහන් කරයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි