රටම කළඹපු අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ ඝාතකයට නවාතැන් දුන් හිමිකරු අත්අඩංගුවට - මරපු තව අය ගැනත් වමාරයි

Report

අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොණරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (26) පස්වරුවේදීයි. ඒ අනුව මොණරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොණරාගලදී ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇති බව වාර්තා විය. සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් සඳහා පෙනී සිට තිබෙන බවයි.

ඇප අරන් පැනලා ගිය ප්‍රබල අපරාධකරුවෙක් වන පොඩි ලැසී හෙට දිවයිනට

ඇප අරන් පැනලා ගිය ප්‍රබල අපරාධකරුවෙක් වන පොඩි ලැසී හෙට දිවයිනට

එබැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී සැකකරු අනෙක් වෙඩික්කරුට “බුද්ධික මගේ නඩු දෙකට පෙනී හිටපු නිසා මාව අඳුරනවා” යනුවෙන් පවසා ඇති බවද සඳහන්.

පසුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පසෙක නවතා, නීතීඥවරයා ආසන්නයට පැමිණීමෙන් අනතුරුව වෙඩි තබා ඝාතනය කළ බවද සැකකරු පවසා ඇත.

එසේම බූස්ස බන්ධනාගාරයෙහි හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරීමට “කරන්දෙණියේ සුද්දා” නමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තමන් වෙඩි තැබූ බවද සැකකරුගේ ප්‍රකාශයේ වේ.

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

එහිදී “ලලා” නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගිය බවත්, ධම්මික මහතාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේ තමන් බවත් ඔහු කියා තිබෙනවා. තවද දකුණු පළාතේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්ද තමන් සම්බන්ධ වූ බවට සැකකරු අනාවරණය කර ඇති බව සඳහන්.

මේ අතර, ප්‍රහාරයට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද ලැබී ඇති අතර එහි දැක්වෙන්නේ, මීට පෙර පොලිසිය අත්අඩංගුවට ගත් “ජානක” නමැති පුද්ගලයා විසින් සැකකරු අදාළ ස්ථානයට රැගෙන එන ආකාරයයි.

මේ පැතිවල කොණ්ඩේ රැවුල බාන්න 200ට වඩා ගන්න බෑ - පාසල් සිසුන්ට නානාප්‍රකාර කොණ්ඩ කැපීමත් තහනම්

මේ පැතිවල කොණ්ඩේ රැවුල බාන්න 200ට වඩා ගන්න බෑ - පාසල් සිසුන්ට නානාප්‍රකාර කොණ්ඩ කැපීමත් තහනම්