නවක වදය නිසා වැවට පැන්න සිසුවිය සියල්ල වමාරයි

Death Law and Order Sinhala news
By Mithu Jun 03, 2025 01:59 PM GMT
Mithu

Mithu

Report

පසුගිය කාල සීමාවේදී නවක වදය සම්බන්ධයෙන් නොයෙකුත් සිදුවීම් දෙවැන්න පුරා උසස් අධ්‍යාපන ආයතන වලින් වාර්තා වුණා.ඊට අනුව නීතිය ක්‍රියාත්මක වූ නිසා විවිධ සිදුවීම්වලට බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගැණුනා..ඒ ආකාරයෙන් සිදු වූ තවත් සිදුවීමක් පිළිබඳව කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අනුරාධපුරය සූදානම් – පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්!

අනුරාධපුරය සූදානම් – පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්!

මෙම නවක වදය හේතුවෙන්කු ලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක්  වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණි. ප්‍රදේශවාසීන් විසින් අදාළ සිසුවිය බේරාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු හා සිසුවියක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පැවසීය.

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නවක සිසුවියක් ඒ අසල වූ වැවකට පැනීමේ සිදුවීම වාර්තා වුණේ ඊයේ (02) පස්වරුවේදී ය. එහිදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අදාළ සිසුවිය බේරාගන්නා ආකාරය පුද්ගලයෙකු විසින් රූපගත කර තිබුණි. අනතුරුව සිසුවිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව කුලියාපිටිය පොලීසිය සිසුවියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ තමන් කුලියාපිටිය කාර්මික විද්‍යාලය තුළදී දරාගත නොහැකි ලෙස නවකවධයට ලක්වන බවය. තමන් පැවසීමට නොහැකි ආකාරයේ වධ හිංසනයන්ට මුහුණදුන් බවද පොලීසිය හමුවේ පවසා තිබේ.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...


ReeCha