අධ්වේගී මාර්ගයන්හි ගාස්තු ගෙවීමේ ක්‍රමය වෙනස් වේ..නව ක්‍රමවේදය මෙන්න

By Sewvandhi Nov 24, 2021 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිවේග මාර්ගයන්හි ගාස්තු අයකිරීම “LANKAQR” හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා “LANKAQR” හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදුකිරීමට අධිවේග මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට එමඟින් හැකියාව ලැබෙයි.

රට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW