ඉස්සර තෙල් තිබ්බා සල්ලි නෑ දැන් සල්ලි තිබ්බට ඉන්ධන නෑ - ජනතාව තේරුම් අවශ්‍යයි
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් වාරියපොල පැවති වැඩසටහනක් හා එක්වෙමින් පවසා ඇත්තේ,
" එදා QR එකක් ගෙනාවේ මේ රට බංකොළොත් වෙලා සල්ලි නැතිවූ නිසයි. මෙවර හඳුන්වා දුන් QR එක ගෙනාවේ මේක ලෝක අර්බුධයක් වෙලා අපිට සල්ලි තිබිලත් ලෝකෙ තෙල් නැතිවුනු නිසයි. ඒ නිසා එදා එකයි අද එකයි ගලපන්න හැකියාවක් නැහැ දැන් මේ ඇතිවෙලා තියෙන ඉන්ධන ප්‍රශ්නය අපි හදපු එකක් නෙමේ. නමුත් අපි ඒක කළමණාකරනය කරගන්න ඕන. දැනටමත් ලෝකෙ සමහර රටවල පාසල් වහල, විශ්ව විද්‍යාල වහල, රජයේ ආයතනවල වැඩ කටයුතු කරන්නේ ගෙවල්වල ඉඳලා.
වැඩකරන දින ගණන අඩුකරල. ඉන්ධන ලබාදෙන ප්‍රමාණය සීමා කරලා. ලෝකෙ දැවැන්ත රටක් වු ඕස්ට්‍රේලියාවත් අද ඉන්ධන සැපයුම කළමනකරණය කරනවා. අපේ කලාපයේ ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය ඒ ස්ථාවරවලට එමින් ඉන්නවා. නමුත් අපි තවම එහෙම තීරණවලට ඇවිත් නැහැ. අපි කරල තියෙන්නේ ඉන්ධන කළමනාකරණයක් පමණයි. මීට කළින් අපේ රටේ පෝලිම් හැදුනා.
එතකොට QR සිස්ටම් එකක් හඳුන්වා දුන්නා. ඒ වෙලාවෙ ඒක වුණේ අපේ රටේ විතරයි. වෙන රටවල තිබුණෙ නැහැ. නමුත් දැන් ලෝකෙ අනිත් රටවල් වලත් ඉන්ධන කළමනාකරණය සිදුවෙනව. ඒ ඇයි ? මේක ජ්‍යාත්‍යාන්තර ප්‍රශ්නයක්. ලෝකෙ යුද්ධයක් නිර්මාණය වෙලා බරපතල තත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි ඒකට මුහුණ දෙන්න ඕන."