සල්මන් අගා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක්

Report

 පාකිස්තාන පිතිකරු සල්මන් අලී අගා විසින් බංග්ලාදේශය සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටම උල්ලංඝනය කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර ඇත.

 ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය ආගා උල්ලංඝනය කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැනුම් දී තිබේ.

සල්මන් අලී අගා වසර දෙකක කාලයක් ඇතුළත් මෙලෙස ආචාර ධර්ම උල්ලංඝන කළ පළමු අවස්ථාව මෙයවීම හේතුවෙන් ඔහුට එක් ඍණ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වේ.

තවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ සල්මන් අලී අගා තරග තීරක ඉදිරියේ සිය වරද පිළිගැනීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන බවයි.

මෙම තරගයේ පාකිස්තාන ඉනිමේ 39 වන පන්දුවාරයේදී ආගා ආන්දෝලනාත්මක ආකාරයෙන් දුවද්දී දැවී යාමකට ලක්විය ඊට ඔහු සිය කෝපය ප්‍රකාශයට පත්කළේ, සිය අත් ආවරණ සහ හිස් ආවරණ බිමට දමා ගසමිනි.

එම සිදුවීම බොහෝ ක්‍රීඩා  විචාරකයන්ගේ කතා බහට ළක් වි‍ය.