මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්
වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවා.
" QR කෝඩ් එක දැම්මාම, භාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි. අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා.
ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි. වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී වෘත්තීයක අය. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. ඒක නිසා පුද්ගලයෙක්ට හෝ වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත අගයක් තිබීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවායේ තියෙන සුවිශේෂිතාව හඳුනගෙන ඒවාට තියෙන චක්‍රලේඛ ඉදිරියේදී හඳුන්වා දෙනකොට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා හඳුන්ගෙන ඊට අදාළ චක්‍රලේඛ ඉදිරියේදී නිකුත් වෙයි."