පහරදීම්වලට විරෝධය පා පුත්තලම - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වර්ජනයක
By Malith Madushan
පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වන සාමාන්‍ය හා සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ අද (27) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබේ.
කොළඹ සිට පුත්තලම හරහා ධාවනය වන දුර ගමන් සේවා බස් රථ සේවකයින් විසින් පසුගිය දින කිහිපය තුළ තමන්ට පහරදීම් සිදු කළ බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි පියවර ගෙන නොමැති බවත් පවසමින් ඔවුන් මෙම වර්ජනයට එක්ව සිටී.
වර්ජනයේ නිරත බස් රථ සේවකයින් සඳහන් කළේ, පසුගිය 20, 24, 25 සහ 26 යන දිනවල හලාවත සහ මුන්දලම ප්‍රදේශවලදී මෙම පහරදීම් සිදුව ඇති බවයි.
පහරකෑමට ලක්වූ ඇතැම් සේවකයින් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුහු පැවසූහ. තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයින් වැඩිදුරටත් සඳහන් කළහ.