නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට ලීක් කළොත් වෙන දේ මෙන්න..
නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වනවා.
මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබැනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන්.
ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරුප, වීඩියෝ දර්ශන එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අරමුණෙන් වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම නව නීති සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ.
එමෙන්ම දෙවැනි වරදකට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වේ.
 
                 
                     
                                             
         
     
     
     
                            ![මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි [VIDEO]](https://cdn.ibcstack.com/article/18b52132-1404-4090-a557-4d86580c68ac/25-6905a920a277b-sm.webp) 
         
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
        ![කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද? [PHOTO]](https://cdn.ibcstack.com/article/49b15525-2cf3-4128-9073-a74b799c9d58/25-6905d69325b4d-sm.webp) 
         
         
        