සැක කටයුතු ලෙස හැසිරුණු පි.සි. අත්අඩංගුවේ
කටුගස්තොට ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුට ගෙන තිබේ.
අදාළ සැකකරු ලබන 24 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කටුගස්තොට පොලිසිය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (7) නියෝග කර තිබේ.
එමෙන්ම කටුගස්තොට පොලිස් ස්ථානයේ වැටලීම් රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් නින්තවෙල ප්‍රදේශයේ අතුරු මාර්ගයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී පොලිස් නිල හැදුනුම්පතක් සහ නිදහස් ගමන් බලපත්‍රයක් හමුව තිබෙන බව කටුගස්තොට පොලිසිය පවසනවා.