ග්‍රාම නිලධාරී වර්ජනයක් - මෙන්න හේතුව

Report

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඊළඟ එළඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම්, දීප ව්‍යාප්ත වශයෙන් වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ඒ බව සඳහන් කළේය. "අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී.මෙහිදී ඔහු සඳහන් කළේ,

'මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඉදිරි අයවැයෙන් මේ ප්‍රතිපාදන අපිට ලැබුණේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා."  

රජයේ සේවකයන්ට වැටුප් අඩුයි - ලෝක බැංකුව කියයි

රජයේ සේවකයන්ට වැටුප් අඩුයි - ලෝක බැංකුව කියයි

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.