තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.
By Mithu
ප්‍රවීණ ගායිකාවක් ලෙස ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අති විශාල මෙහෙයක් සිදු කෙරූ චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය අසූ දෙවැනි වියේ පසුවිය.
ඇය ප්‍රවීණ ගායන ශිල්පිණියක, ගුවන් විදුලි හඩ කැවීම් ශිල්පිණියක මෙන්ම, වේදිකා නාට්‍ය ශිල්පිණියක ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ”, “මල් කෙල්ලක් මං”, “ලතා මඩුල්ලක් කථා කරනවා”, “අක්ක නගාලගෙ බොළඳ සිනා” ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කර තිබෙනවා.