ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට කණ්ඩායම යැව්වේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මනෝජ් ගමගේ මහතා පවසා තිබේ.
පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම ප්‍රකාශය කළේය. රනිල් සහ ලසන්තගේ සහෝදරයා ද මේ බව සඳහන් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
සරත් ෆොන්සේකා ජාතික ජන බලවේග රජය වෙනුවෙන් සහ මහින්දට එරෙහිව කතා කරන්නේ ඔහු කරන ලද අපරාධ වසන් කිරීම සඳහා ය. අපි ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. සුදුසු වේලාවට මම විස්තර ලබා දෙන්නම්. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙම රජය පරීක්ෂණ ආරම්භ කර ඇති බැවින්, අපරාධය වසන් කිරීම සඳහා ඔහු මහින්ද රාජපක්ෂට එරෙහිව කතා කරන බවට සැකයක් පවතින බව ඔහු පැවසීය.