ඇමතිගේ පුතා ඉස්කෝලේ සිගරට් ගහනවා මුලින් ළමයා හදාගන්න - චාමර සම්පත් කනේ ඇගිලි ගහගන්න දෙසයි

Report

අද දින (8) පාර්ලිමේන්තු සභා වාරය රැස්වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, රජය විසින් පසුගිය දිනක පාසල් සිසුන් හා ගුරුවරුන් සදහා ගෙන ඒමට සාකච්චා කළ පනත පිලිබදව දැඩිව විවේචනය කළේය.

එහිදී ඔහු එහි පවත්නා අඩු පාඩු පිලිබදවත් පනතේ ඇති දුර්වල නීති සම්පාදනය පිලිබදවත් මෑත දින වලදී පාසල් සිසුන් හා සිදු වූ ඇතැම් සිදුවීම් හුවා දක්වමින් විවේචනය කළේය.

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

ඔහු පවසා සිටියේ,

"ඔන්න රජයෙන් පාසල් සිසුන්ට පනතක් ගේන්න කතා කරා.පුදනකොටම කාපි යකා වගේ ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය දවසෙදිම මොනරාගල පාසල් දරුවෙක් ගුරුවරයෙක්ට ගහලා.මේ පනත ගේන්නත් කලින්.ජනාධිපතිතුමා එදා උත්සවේදි අස්ගිරි අනුනායක හාමුදුරුවෝ මුණ ගැහිලා කියනවා අපි ඕනෙනම් පනත නවත්තන්නම් කියලා.නවත්තනවනම් මොන මගුලටද මේක ගෙනල්ලා දවසක්ම පාර්ලිමේන්තුවෙ කතා කලේ කොච්චර වියදමක්ද?එහෙම පනත් ගේන්න එපා.එහෙම රිවස් කරන්න එපා.එහෙම රිවස් කරන්න හේතුව තමයි රජයට විශාල බලපෑම් ආව ගුරුවරුන්ගෙන් සහ රටේ ජනතාවගෙන්. පනත ආපු දවසෙම මොනරාගල සිසුවෙක් ගුරුවරයෙක්ට ගැහුවා.ළමයි කසිප්පු වගයක් බිව්වා.ඒ වගේම බදුල්ල මහා විද්‍යාලයේ මේ ඉන්න කැබිනට් ඇමතිතුමාගෙ පුතා ඊ - සිගරට් බීල අහු වුණා.යාලුවෝ ටිකක් එකතු කරන් ඊ - සිගරට් බීලා. ඊලග එක. නියෝජ්‍ය ඇමතිගෙ දුව ශිශ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානවහිමිකම් ගිහින්. මේකයි අද තත්ත්වෙ මෙහෙම තියෙද්දි ඔයාලගෙ ළමයි හදාගන්න බැරුව මේ පනත් ගෙනල්ලා කොහොමද කරන්නේ?" යැයි පැවසුවේය.

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී