අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී
අද දින (8) පාර්ලිමේන්තු සභා වාරය රැස්වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කාරක සභා කැදවීම් පිලිබදව ප්‍රශ්නයක් විමසීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහිදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රශ්ණය අතර මගදී නවත්වා ඔහුට අසුන් ගැනීමට කීමත් සමග තත්ත්වය තවත් කලබලකාරී විය.
එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පවසා සිටියේ,
"මන්ත්‍රීතුමා මුලින් ඇහුවේ වෙන ප්‍රශ්ණයක්.ඒ නිසා අපි බබාලා නෙමෙයි.අපිට තේරෙනවා.ඒ නිසා කරුණාකරලා පාර්ලිමේන්තුවේ කාරක සභා කැදවීම් පිලිබදව ස්ථාවර නියෝග වල පනවලා තියෙන ආකාරයට ඇමතිවරු විසින් කටයුතු කරනවා.ඒ සදහා ඇමතිවරුන්ට අයිතියකුත් තියෙනවා කටයුතු කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ පිළිවෙල පවත්වාගෙන යාමට කටයුතු කරන්න" ලෙසයි.