නිවාඩු නොමැතිව ඔයත් ත්‍රිවිධ හමුදාව හැර ගියාද එහෙනම් මේ කරුණු ගැන අවධානයෙන්

Report

ත්‍රිවිධ හමුදාවේ මේ වන විට නිවාඩු නොගෙන විවිධ හේතූන් මත සේවය අතහැර ගොස් සිටින පිරිස පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී අදහස් රැසක් හුවමාරු විය.

මේ පිළිබඳව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා අදහස් දැක්වූ අතර ඔහු එහිදී සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය.

ඒ අනුව නිවාඩු ලබා නොගෙන විවිධ හේතූන්මත සේවය අතහැරගොස් ඇති ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිල දරණ සංඛ්‍යාව 54087ක් බව අද( 08) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

නිවාඩු ලබානොගෙන සේවයට නොපැමිණෙන යුධ හමුදාවේ නිලධරීන් 385 දෙනෙකු සිටින බවත් යුධ හමුදාවේ සෙසු නිලයන් 47265ක් සිටින බවත් සඳහන්.

රියදුරු බලපත්‍ර හා අංක තහඩු ප්‍රශ්නෙට උත්තරේ මෙන්න

රියදුරු බලපත්‍ර හා අංක තහඩු ප්‍රශ්නෙට උත්තරේ මෙන්න

එසේ නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණෙන ගුවන් හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව 46ක්. එහි සෙසු නිලයන් 3396ක් ද එසේ සේවයට වාර්තා කරන්නේ නැහැ. එසේ සේවයට වාර්තා නොකරන නාවික හමුදාවේ නිලධරීන්ගේ සංඛ්‍යාව 87ක්. නාවික හමුදාවේ සෙසු නිලයන් සංඛ්‍යාව 3108ක් බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විසින් පෙන්වාදෙනු ලැබුවා.

මීට අමතරව නිවාඩු ලබානොගෙන විදෙස් ගතව සිටින යුධ හමුදා නිලධාරීන් සංඛ්‍යාව 232ක් එහි සෙසු නිලයන් 93දෙනෙක්ද ඒ ආකාරයට විදේශගතව සිටිනවා.

ශානිගේ පෙත්සම විභාහගට අවසර

ශානිගේ පෙත්සම විභාහගට අවසර

ඒ ආකාරයට විදේශගතව සිටින නාවික හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 64ක් සෙසු නිලයන් සංඛ්‍යාව 19ක්. ඒ ආකාරයෙන් නිවාඩු නොගෙන විදේශගතව සිටින ගුවන් හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 15ක් . සෙසු නිලයන්ගේ සංඛ්‍යාව 05ක් බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.