ජනතාවට තවත් සුබ ආරංචියක් මෙන්න - රජයේ පත්වීම් ලබා දීමත් ඒ අතර..
අද (22) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දී පැවැත්විණ.
එහිදී පුද්ගලයන් එකසිය අනූ දෙදෙනෙකුට ඔප්පු ප්‍රදානය කිරීම සිදු කෙරිණ.
එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක 27,595 දෙනෙකු සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබුණේ ය.
මීට අමතරව, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන් 252ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.