නෙතන්යාහුට ධුරයෙන් ඉවත් වන්නැයි විරෝධතා.
ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය පාලනය කිරීමට නුසුදුස්සකු බව සඳහන් කරමින් එරට විරෝධතා ආරම්භ වී තිබෙනවා.
‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කරන්නේ ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ප්‍රධානින් සහ එරට අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතා ව්‍යාපාරයේ නායකයන් අගමැතිවරයාට මෙලෙස බලපෑම් සිදු කරනු ලබන බවයි.
නෙතන්යාහු විසින් අධිකරණ බලතල කප්පාදු කරමින් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ අධිකරණය සිවිල් ස්වේච්ඡා සංවිධාන බවට පත් ව තිබෙනවා.
‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ හමාස් සංවිධානයේ ඊශ්‍රායල ප්‍රහාරයට එම බලතල කප්පාදුව ද හේතුවක් වී ඇති බවයි.
නෙතන්යාහු රජයට එරෙහිව පසුගිය මාස කිහිපය තුළ ඊශ්‍රායලයේ විරෝධතා සංවිධාන කළ ප්‍රමුඛතම නායකයකු වන මුෂේ රද්මාන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ අගමැතිවරයා හමාස් සංවිධානයේ ‘පියා‘ බවයි.
මුෂේ රද්මාන් එම විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අයෙකු ද වනවා.
මුෂේ රද්මාන් වැඩිදුරටත් පවසන්නේ පලස්තීන රජයට එරෙහිව හමාස් සංවිධානය කටයුතු කිරීමේදි ඊශ්‍රායලය හමාස් සංවිධානයට සහාය දුන් බවයි.
