ඇමති නිවසක් ඉදිරිපිට විරෝධතා කරුවන් පිරිසක් මිනී පෙට්ටියක් තබා පාංශකූලය දෙයි

Report

වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද(29 ) උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දීම සිදු කළහ.

පසුගිය 26 වන දින පොලොන්නරුව ගොවි ව්‍යාපාරයන් 4ට අයත් ගොවීන් ඒක්ව අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ඇරඹූ අඛන්ඩ උපවාසය සිව්වන දිනටත් පැවති අතර එයට සහය දක්වමින් ගිරිතලේ චන්දන පොකුණ ගොවීහූ මිනී පෙට්ටියක් රැගෙන විරෝධතා පාගමනින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණි මෙලෙස පාංශකූලය ලබා දීම සිදු කළහ. 

 විරෝධතාවයට ගොවීන් 200 කට අධික පිරිසක් එක්ව සිටියහ. පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ලෙසද ඔවුහු කියා සිටියහ.

තවද සිය වගා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද මේවනතුරුත් ඒය ලබා දීමට අපොහොසත් වීම යන කරුණු ගණනාවක් මුල් කරගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. මෙහිදී ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු ආරම්භ කළ අඛන්ඩ උපවාසය දිගටම සිදුකරගෙන යන බව විරෝධතාවයේ නිරතවූවෝ කීහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now