විරෝධතාවය හේතුවෙන් ගෝල්ෆේස් හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිර වේ
විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට යන එක්මංතීරුවක් අවහිර වී ඇති බවට අප 'ගගන' වාර්තාකරු පැවසීය.
මෙම විරෝධතාවය 2020/2024 කාලපරිච්ඡේදය තුළ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියවිට තම හිමිකම් අහිමි වූ විශ්‍රාමිකයින් පිරිසක් විසින් සංවිධානය කර ඇති බව 20/24 විශ්‍රාමික එකමුතුවේ ලේකම් කාන්ති බටවල මහත්මිය පවසයි.
ඔවුන් එළඹෙන 2025 වසරේ අයවැයෙන් සහන ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වති.
විශ්‍රාමිකයින් රට පුරා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රැස්වී ඇති අතර, ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජයෙන් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වේ.