මුහුදු ගිය ධීවරයන් පිරිසකට දරුණු මෝර ප්‍රහාරයක් - පුද්ගලයෙක් අතුරුදහන්

Report

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ධීවර රැකියාවේ නිරතව සිටි ලාංකික ධීවර කාර්මිකයන් පිරිසක් දරුණු මෝර ප්‍රහාරයකට ලක්ව ඇති අතර, ඉන් එක් අයෙකු බරපතළ තුවාල ලබා තවත් ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු පවසයි.

මෙලෙස මෝර ප්‍රහාරයත් සමඟ මුහුදට වැටී අවාසනාවන්ත ලෙස අතුරුදහන් වී ඇත්තේ මනෝජ් දිල්රුවන් පීටර්සන් නැමැති විසිහය හැවිරිදි මහවැව ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයෙකි.

රසිකයන් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පියා ඝාතනය වේ - පෙම්වතියගේ පුතා සියල්ල ප්ලෑන් කරලා

රසිකයන් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පියා ඝාතනය වේ - පෙම්වතියගේ පුතා සියල්ල ප්ලෑන් කරලා

වෙන්නප්පුව වෙල්ලමංකරේ ධීවර වරායෙන් පසුගිය අප්‍රේල් මස විසිහතර වැනිදා ධීවර කටයුතු සඳහා මුහුදු ගිය සංජන පුතා දහතුන නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සේවය කළ තරුණ ධීවර කාර්මිකයා මෙලෙස අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ ප්‍රධාන ක්‍රියාකරු ඇතුළුව සමස්ත ධීවරයින් හත් දෙනෙකු රැකියාවේ නිරතව සිට ඇති අතර, පසුගිය මැයි මස තිස්වැනිදා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔවුන් මුහුණ දී ඇත.

යාත්‍රාවේ සිටි ධීවරයින් රැකියාවේ නිරතව සිටියදී දැවැන්ත මෝරෙකු අල්ලා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී එල්ල වූ මෝර ප්‍රහාරයෙන් එක් ධීවරයෙකුගේ අතක ඇඟිල්ලක් මෝරා විසින් කා දමා තිබේ.

විදෙස් සිසුන්ගේ ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විදෙස් සිසුන්ගේ ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

එම අවස්ථාවේදී මෝරා නැවත දැලෙන් ගැලවී මුහුදට වැටී ඇති අතර, ඒ සමඟම ඇති වූ දැඩි තෙරපීම සහ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට අතුරුදහන් වී සිටින අනෙක් ධීවරයා නොසිතූ ලෙස එකවරම යාත්‍රාවෙන් මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව යාත්‍රා හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.