රාජ්‍ය ආදායම් උපාය මාර්ග ශක්තිමත් කරන්න යෝජනා ඉදිරිපත් කරන්න ඔයාටත් අවස්ථාවක් - විස්තරේ මෙන්න
ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන සහ දිගුකාලීන ආදායම් උපාය මාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශය චින්තන පර්ෂද, විශ්වවිද්‍යාල, වෘත්තීය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුරවැසියන්ට ආරාධනා කර තිබේ .
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද ආදායම් කළමනාකරණ කමිටුව හරහා මෙම ආරාධනය ලැබෙන අතර, එය රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා උපාය මාර්ග සකස් කිරීම, ආදායම් උත්පාදන ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැපයීම සඳහා වගකිව යුතුව තිබේ.
රජයේ දිගුකාලීන ඉලක්කය වන්නේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% දක්වා වැඩි කිරීමයි.
යෝජනා පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය කළ හැකිය.
ආදායම වැඩි කිරීම සඳහා මධ්‍යම හා දිගුකාලීන උපාය මාර්ග අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම සහ බදු පදනම පුළුල් කිරීම
කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ආදායම් ආයතන ඩිජිටල්කරණය ප්‍රතිපත්තිමය වශයෙන් පෙළගස්වන ලද එකතු කිරීමේ ක්‍රම ස්වේච්ඡා බදු අනුකූලතාව දිරිමත් කිරීම
සහ පරිපාලනය ශක්තිමත් කිරීම තාක්ෂණය පදනම් කරගත් ආදායම් පද්ධති සහ දත්ත විශ්ලේෂණය ආදායම් පරිපාලනයේ ජාත්‍යන්තර හොඳම පිළිවෙත් යෝජනා PDF ආකෘතියෙන් ඉදිරිපත් කළ යුතු අතර, උපායමාර්ග, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය,
අපේක්ෂිත මූල්‍ය හෝ පරිපාලන බලපෑම, විභව අවදානම් සහ අදාළ ආයතනික හෝ පුද්ගලික තොරතුරු ඇතුළත් වේ.
ඉදිරිපත් කිරීම් සඳහා අවසාන දිනය 2026 ජුනි 16 වන අතර යෝජනා dgfp@fpd.treasury.gov.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය. දැන්වීමක් නිකුත් කරමින් කමිටුව පැවසුවේ ඉදිරිපත් කිරීම් පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අයිතිය තමන් සතු බවයි.
මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි