ආරක්ෂාව ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවස ඉස්සරහා උපවාසයක්
රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් අද (08) දින දහවල් 01.00 ට පමණ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමට බව සඳහන්.
එසේම ඔහුගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන මෙන් ඉල්ලමින් ස්වාමීන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇති බව සඳහන්.
ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද මේ වන විට භාර දී තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැති බව වාර්තා වුණා.
මේ වන විට පසුගිය දින සම්මත වූ හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගොස් ඇත.